IPL පිටියේ මැජික්කරුවා දඟ පන්දුවෙන් වාර්තා පිට වාර්තා තබයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඊයේ (08) හැකියාව ලැබුණා.

ඒ, රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවති තරගයේ දී හයිද්‍රාබාද් කඩුලු 05ක් දවා ගනිමින්.

ඊයේ තරගයේ දී වනිඳු සිය පන්දුවාර 04 යවා අවසන් කළේ ලකුණු 18කට ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 05ක් දවාගනිමින් වන අතර ඔහු යැවූ පන්දුවාර 04 තුළ නිලකුණු පන්දු 14ක් ඇතුළත්.

මෙම සුපිරි පන්දු යැවීමත් සමඟ මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන තැනට පැමිණෙන්නට ද වනිඳුට හැකියාව ලැබුණා.

ඒ අනුව වනිඳු මේ වනවිට තරග 12කට සහභාගී වී බිඳහෙලා ඇති කඩලු සංඛ්‍යාව 21ක්.

එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින රාජස්ථාන් රෝයස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් තරග 11කදී කඩුලු 22ක් බිඳහෙලා තිබෙනවා.

මේ අතර වනිඳු ඊයේ දැක්වූ දක්ෂතාව අගයන්නට ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් කටයුතු කර තිබුණේ සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින්.

ඊයේ තරගයේ දී වනිඳු දැක්වූ දක්ෂතාවයත් සමඟ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 67ක දැවැන්ත ජයක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොයින්ට් ඔෆ් ඕඩර් නිසා යකා නැග්ග අර්චුනා - ඊයේ තිබුණා කියලා ඒක පොයින්ට් එකක් නෙවෙයි..අපිටත් දෙන්න
01:36
Video thumbnail
සැමියාගේ නිසල සිරුර ළඟ හඬා වැටුණු ප්‍රවීණ නිළිය "අනේ මගේ දෙයියා..නැගිටින්න රත්තරං"
02:40
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42