IPL පිටියේ මැජික්කරුවා දඟ පන්දුවෙන් වාර්තා පිට වාර්තා තබයි

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පන්දු යවන්නෙකු වාර්තා කළ හොඳම පන්දු යැවීම වාර්තා කිරීමට දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට ඊයේ (08) හැකියාව ලැබුණා.

ඒ, රෝයල් චැලෙන්ජස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතර පැවති තරගයේ දී හයිද්‍රාබාද් කඩුලු 05ක් දවා ගනිමින්.

ඊයේ තරගයේ දී වනිඳු සිය පන්දුවාර 04 යවා අවසන් කළේ ලකුණු 18කට ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 05ක් දවාගනිමින් වන අතර ඔහු යැවූ පන්දුවාර 04 තුළ නිලකුණු පන්දු 14ක් ඇතුළත්.

මෙම සුපිරි පන්දු යැවීමත් සමඟ මෙවර IPL තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවන තැනට පැමිණෙන්නට ද වනිඳුට හැකියාව ලැබුණා.

ඒ අනුව වනිඳු මේ වනවිට තරග 12කට සහභාගී වී බිඳහෙලා ඇති කඩලු සංඛ්‍යාව 21ක්.

එම ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින රාජස්ථාන් රෝයස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුශ්වේන්ද්‍ර චාහල් තරග 11කදී කඩුලු 22ක් බිඳහෙලා තිබෙනවා.

මේ අතර වනිඳු ඊයේ දැක්වූ දක්ෂතාව අගයන්නට ශ්‍රී ලංකා කණ්ඩයමේ හිටපු පුහුණුකරු දකුණු අප්‍රිකානු ජාතික මිකී ආතර් කටයුතු කර තිබුණේ සිය නිල ට්විටර් ගිණුමට සටහනක් එක්කරමින්.

ඊයේ තරගයේ දී වනිඳු දැක්වූ දක්ෂතාවයත් සමඟ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට ලකුණු 67ක දැවැන්ත ජයක් හිමි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56