ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සොයාගැනීම ‘මලික්ගෙන්’ IPL පිටියේ පෙරළියක්

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ වාර්තා රැසක් පිහිට වූ තරගයක් බවට ඊයේ (05) රාත්‍රියේ පැවති තරගය පත් වුණා.

තරගය පැවැත්වුණේ දිල්ලි කැපිටල්ස් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි.

මෙම තරගයේදී මෙවර තරගාවලියේ වේගවත්ම පන්දුව යොමුකිරීමට හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දු ‍යවන ක්‍රීඩක උම්රාන් මලික්ට හැකියාව ලැබුණා.

දිල්ලි කැපිටල්ස් ඉනිමේ අවසන් පන්දුවාරය යැවූ මලික් එම පන්දුවාරයේ සිව්වන පන්දුව යොමු කළේ පැයට කිලෝමීටර් 156.9ක වේගයෙන්.

ඒ අනුව මෙවර තරගාවලියේ පන්දු ‍යවන්නෙක් මේ දක්වා යැවූ වේගවත්ම පන්දුව ලෙස එම පන්දුව සටහන් වුණා.

විචාරකයින් පවසන්නේ උම්රාන් මලික් මෙවර තරගාවලිය තුළ ඉන්දීය ක්‍රිකට් අනාගතයට හදුනාගත් වටිනා සම්පතක් බවයි.

කෙසේ වෙතත් ඊයේ තරගයේදී මලික්, ඩේවිඩ් වෝනර් සහ රෝමන් පවෙල්ගේ දැඩි ප්‍රහාරට ලක්වීම ද විශේෂත්වයක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28