18 දෙනෙකුගෙන් යුත් ටෙස්ට් සංචිතය තොරාගැනෙයි

ටෙස්ට් තරග 2කින් යුත් එළඹෙන බංග්ලාදේශ තරග සංචාරය සදහා වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය අද(4) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළා.

ඒ අනුව දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

නිමා වූ ඉන්දීය ටෙස්ට් තරග සංචාරයට එක් වූ ලහිරු තිරිමාන්නට හා චරිත් අසලංකට මෙම සංචිතයේ ස්ථාන වෙන්ව නැහැ.

ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා නොකළ රමේෂ් මෙන්ඩිස් යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය මැයි 15 වනදා ද, දෙවැනි ටෙස්ට් තරගය මැයි 23 වනදා ද ආරම්භ වීමට නියමිතයි.

මෙම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත් වනවා.

දිමුත් කරුණාරත්න – නායක 
කමිල් මිශාර 
ඕෂද ප්‍රනාන්දු 
ඇන්ජලෝ මැතිව්ස් 
කුසල් මෙන්ඩිස් 
ධනංජය ද සිල්වා 
කමින්දු මෙන්ඩිස් 
නිරෝෂන් දික්වැල්ල 
දිනේෂ් චන්දිමාල් 
රමේෂ් මෙන්ඩිස් 
චාමික කරුණාරත්න 
සුමින්ද ලක්ෂාන් 
කසුන් රාජිත 
විශ්ව ප්‍රනාන්දු 
අසිත ප්‍රනාන්දු 
ඩිල්ශාන් මධුශංක 
ප්‍රවීන් ජයවික්‍රම 
ලසිත් ඇඹුල්දෙණිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බීරි අලින්ට හෝන් ගැසීම..කිසි ගානක් නැතුව තමගේ පාඩුවේ යන හැටි
00:44
Video thumbnail
සජිත් කරාපිටිය රෝහල ගැන හෙළිකරපු දේ..මේ සත්‍ය දත්ත මත මම කිව්වේ..සාක්ෂි තියෙනවා
05:11
Video thumbnail
දිවුරුම් ප්‍රකාශ දුන් අය නිසා ජනපතිට යකා නගියි..එහෙම ඉන්න බෑ..ඉවත් කරන්න ඕනි අවදානම් තැන්වලින්
08:19
Video thumbnail
"නිවාස අහිමි වූ ජනතාව නැවත පදිංචි කිරීම කඩිනම් කරන්න"ජනපති මහනුවරට ඇවිත් උපදෙස් දෙයි
01:37
Video thumbnail
කතක් එක්ක පිරිමි දෙදෙනෙක් කරපු වැඩේ බඩුත් එක්කම මාට්ටු..රුපියල් ලක්ෂ 8ක පමණ මත් කරල්
01:20
Video thumbnail
පොහොට්ටුවට දේශපාලන වැස්සක් වැටුණා..මහින්දට කරන අවමානයක් නෙවෙයි මේ..හැමෝම නීතියට යටත්
04:35
Video thumbnail
මහින්ද ගැන ඇහුවම චාමර උත්තර නොදීම පිටව යයි..නීතිඥයන්ට සල්ලි දුන්නද ? අද නොමිලේ
01:58
Video thumbnail
මහින්ද යුගපුරුෂයාට පිළිම හදලා වඳින්න ඕනේ
01:16
Video thumbnail
වැලි කොට්ටා දාලා හදපු මාන්කඩවල වැව් බැම්ම මහ වැස්සෙන් කැඩී‍යයි..කුඹුරු ජලයෙන් යටවෙයි
04:12