ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය පිළිබඳ සිතා රාජ්‍ය වියදම් පාලනය කිරීමට මුදල් අමාත්‍ය ජනාධිපති අලි සබ්‍රි කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
එසේම චක්‍රලේඛයන් මගින් එම උපදෙස් අදාල ආයතන වලට දැනුම් දී තිබෙන බවද වාර්ථා වනවා.ඒ අනුව ඉන්ධන , විදුලිය , ජලය , සන්නිවේදන දීමනා ආදිය ගෙවීම පාලනය මෙන්ම ගොඩනැගිලි ඉදිකිරීම් සහ කුලියට ගැනීම් නැවැත්වීම මෙන්ම දේශීය අරමුදල් හරහා සිදුකරන විදේශ අධ්‍යාපන චාරිකා ආදිය නැවැත්වීමට ද ගත් තීරණ මේ අතර වෙනවා.
රජයේ සියලුම අමාත්‍යංශ , රාජ්‍ය අමාත්‍යංශ , දෙපාර්තමේන්තු හා සියලුම ආයතන වෙත එම විධාන අනුගමනය කරන ලෙස නිළධාරීන්ට උපදෙස් දෙන ලෙස භාණ්ඩාගාරයේ ලේකම්වරයාට තමා දැනුම් දුන් බවද අමාත්‍යය වරයා පවසා සිටියා.




