ප්‍රකට සිනමා නිළි අනුෂා සොනාලි ඊයේ (28) උදෑසන කළුබෝවිල රෝහලේදී ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට ඇය 49 වන වියෙහි පසුවූ ඇය කළුතර දී උපත ලබා ඇත.
ඇයට අවුරුදු දෙකහමරක් පමණ වන විට “හිතත් හොඳයි. වැඩත් හොඳයි ” චිත‍්‍රපටයේ රඟපෑමෙන් සිනමාවට පිවිසි ඇති බව ඇය පවසා තිබේ.
1990 දශකයේ ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසෙන්නේ ලොකුදුව,විසිදැල, සළුපට අහසට,හඩන කිංකිනි,දරු උපත,මමත් ගැහැණියක්,පුතා මගේ සූරයා යන චිත්‍රපට හා ටෙලි නාට්‍ය හරහාය. ඇය 2019 දී අවසන් වරට සංගිලි චිත්‍රපටයට ද දායක වී තිබේ.
එක්දරු මවක් වන අනුෂා සොනාලි මහත්මියට මංශ පේශී අක්‍රීයවීමේ රෝගයක් තිබූ අතර ඇය අවසන් කාලයේදී එම රෝගයෙන් දැඩි සේ පීඩා විඳීම. හේතුවෙන්ඇ ය රෝද පුටුවකට සීමාවී අවසන් කාලය ගත කළාය.
ජනප්‍රිය රංගන ශිල්පිනී අනුෂා සොනාලි මහත්මියගේ අවසන් කටයුතු අද දිනයේදී සිදු කරනු ලැබූවා.


























