ගල් බෝඩිමේ කෑම මිලත් වෙනස් වේ

බන්ධනාගාරගත රැඳවියන් සඳහා සනීපාරක්ෂක ද්‍රව්‍ය හා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට ආපනශාලාවේ තැන්පත් කිරීම සඳහා ලබා දෙන ලද මුදල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එක් සැකකරුවෙකු සදහා සතියකට රුපියල් 3000/= ක මුදලක් ද, එක් සිරකරුවෙකු සඳහා මසකට රුපියල් 3000/= මුදලක් ආපනශාලාවේ තැන්පත් කර අවශ්‍ය ආහාරපාන හා සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් (පාලන, පුනරුත්ථාපන හා මාධ්‍ය ප්‍රකාශක) චන්දන ඒකනායක සදහන් කරන්නේ.