පැතුම් නිශ්ශංකට තවත් තරගාවලියක් අහිමිවීමේ අවධානමක්

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංකට එළඹෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි.

පැතුම් නිශ්ශංකගේ පිටකොන්දේ ඇතිව තිබෙන ආබාධයක් සුව නොවීම ඊට හේතු වී ඇත.

එම ආබාධය හේතුවෙන් පැතුම් නිශ්ශංකට ඉන්දියාවට එරෙහිව පැවැති ටෙස්ට් තරවාලිය ද අහිමි විය.

නිශ්ශංක පූර්ණ සුවය නොලැබීම හේතුවෙන් බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය සඳහා නම් කළ සංචිතයටත් ඔහුගේ නම ඇතුළත් කර නොතිබිණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මැයි 15 සිට මැයි 27 දක්වා බංග්ලාදේශයේ චිතගොං සහ ඩකාහි දී පැවැත්වීමටයි සැලසුම් කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?