යාපනය, මුරුසවිල් ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් කැබ් රථයේ ගමන් කළ 12 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති අතර පියා සහ තවත් දරුවෙකු බරපතළ තුවාල ලබා තිබේ.
මිය ගිය දරුවාගේ මෘත ශරීරය මේ වන විට චාවකච්චේරි රෝහලේ තැන්පත් කර ඇත.
යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය කළ යාල්දේවී දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර සිද්ධිය වූ ස්ථානයේ දුම්රිය ආරක්ෂිත ගේට්ටුවක් නොමැති බව අප වාර්තාකරු පැවසීය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, තුවාල ලැබූ 45 හැවිරිදි පියා සහ 15 හැවිරිදි දරුවා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ය.
සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














