ඊයේ (19) පෙරවරුවේ අලවතුගොඩ පොලිස් වසමේ මහනුවර මාතලේ ඒ 09 මාර්ගයේ අකුරණ, 07 කනුව, කුරුගොඩ හන්දියේ දී සිදු වුණා.
අලවතුගොඩ දෙස සිට මහනුවර දෙසට ධාවනය වූ සිමෙන්ති ප්රවාහනය කරන ලද බල්කර් ලොරි රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් ධාවනය වූ වාහන කිහිපයකද ගැටී පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් පිරිමි පුද්ගලයින් දෙනෙක් හා කාන්තාවන් දෙදෙනෙකු මිය ගිය අතර, තවත් තුවාලකරුවන් 06 දෙනෙකු මේවන විට මහනුවර හා අකුරණ රෝහල්වලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටිනවා.
මියගිය පිරිමි පුද්ගලයින් වයස අවරුදු 38 හා 51 වයස්වල පසුවූ අලවතුගොඩ හා අකුරණ ප්රදේශවල පදිංචිකරුවන් වන අතර මරණකාරියන් අවුරුදු 16 සහ 28 වයස්වල පසුවූ මාතලේ සහ අකුරණ ප්රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයින්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ මහනුවර රෝහලේදී සිදුකර මෘත ශරීර ඥාතීන් වෙත භාරදීමටයි මේ වනවිටත් කටයුතු කර ඇත්තේ.
අනතුරට සම්බන්ධ වයස අවුරුදු 46ක් වන ගල්ගමුව ප්රදේශයේ පදිංචි ප්රයිමුවර් රථයේ රියැදුරු අත්අඩංගුවටගෙන තිබෙනවා.
සැකකරු අද (20) දින මහනුවර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
