ඉදිරියේ දී මිනිසුන් කුසගින්නේ මියයාවී ද ?

කෘෂිකර්මාන්තයට අදාල ගැටලු කඩිනමින් විසදිමට පියවර නොගතහොත් මෙරට ජනතාවට ඉදිරියේදී කුසගින්නේ මියයාමට සිදුවනු ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හා ව්‍යාප්ති කටයුතු භාරව කටයුතු කළ හිටපු අධ්‍යක්ෂ කේ බී ගුණරත්න මහතා අනාවැකි පළ කරනවා.

දෙදහස් විසි එක විසි දෙක වසර වල සීයට පනහක අස්වනු හානියක් සිදුවී ඇති බවද එය මතුපිටින් තවමත් නොපෙනෙන බවද ඔහු මෙහි දී වැඩි දුරටත් කියා සිටියා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වූ අතර පොහොර හිගය ඇතුලු ගැටලු ගණනාවක් මේ වන විට ගොවින්ට උද්ගත වී ඇති බව ඔහු දිගින් දිගටම අදහස් දක්වමින් කියා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?