කහ ගන්න කවුරුත් නෑ

හොර රහසෙ ඉන්දියාවෙන් ගෙන්වන ලද වියළි කහ තොග හේතුවෙන් දේශීය අමු කහ මිල විශාල වශයෙන් පහත වැටීම නිසා ගොවීන් සිය අස්වැන්න නෙළීම අතහැර දැමීමත් සමග දැඩි දුෂ්කරතාවකට පත්ව ඇතැයි දඹුල්ල ,ගලේවෙල, නාවුල ,සීගිරිය ,ආදී ප්‍රදේශවල කහ ගොවීහු පවසති .

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන අමු කහ කිලෝවක් පසුගිය වසරේ රුපියල් 650ක් 700 අතර මිලකට අලෙවි වුවද මේ වනවිට අමු කහ කිලෝව රුපියල් 80 ත් 90 ත් අතර මිලකට පහත වැටී ඇතැයි ද එම මිල ගණන් වලට හෝ අලවි නොවන බව කහ ගොවීහු පවසති.

අර්තාපල් අල සහ ලොකු ලූනු ආනයනය කරන ගබඩා වලින් ඉන්දියාවෙන් හොර රහසේ ගෙන්වන වියළි කහ විශාල වශයෙන් කහ කුඩු නිෂ්පාදන කරන මහා පරිමාණ මෝල්වලට ලබාදීම නිසා තම නිෂ්පාදන අලෙවි නොවන බව ද මේ වනවිට තම වගාවන් වගාබිමේදීම විනාශ වෙමින් පවතින බවද කහ ගොවීහු පවසති.

මේ පිළිබඳව තමන්ට දැනුම් දීමට කිසිදු ස්ථානයක් නොමැති බවත් දේශීය කහ නිෂ්පාදනය කිරීම සඳහා රජය කරන ලද ඉල්ලීම අනුව විශාල මුදලක් වියදම් කරමින් කහ වගා කළ ද අවසානයේ දී කහ වගාවෙන් ගොවීන්ට ඉවත්ව වීමට සිදු වන බව ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ කහ ගොවියකු වූ එස් .ඒ .රතනපාල මහතා කියයි .

එමෙන්ම තමන් මේ වනවිට රුපියල් ලක්ෂ 90ක් ලක්ෂ 100 ක් පමණ වියදම් කොට අක්කර 15ක් පමණ ප්‍රමාණයක කහ වගාකොට අස්වැන්න නෙළීම අතහැර දමා ඇත්තේ තවත් වියදම් කිරීමට නොහැකි නිසාවෙන් බව පැවසීය .

එමෙන්ම වෙළෙඳපොලේ කහ කුඩු කිලෝවක තොග මිල කිසිදු අඩුවක් නොමැතිව රුපියල් 4500ක් 7000 ත් අතර මිලකට පාරිභෝගිකයන් වෙත අලෙවි කරන බව ද දේශීය කහ ගොවීහු පවසති.

තහනම් කළද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි තොග ගබඩා වලට ඕනෑ තරම් විදේශීය වියළි කහ තොග ගෙන්වීම පිළිබඳව කඩිනමින් රජයේ අවධානය යොමු කොට දේශීය කහ ගොවියා ආරක්ෂා කරන්නැයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.

මේ පිළිබඳව අදහස් දැක් වූ ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ මහා පරිමාණ කහ ගොවියකු වන එස් .ඒ . රතනපාල මහතා මෙසේ ද පැවසීය

අපි වගා කරන මිනිස්සු අපිට කහ කුඩු නිෂ්පාදනය කරන්න තේරෙන්නේ නැහැ. ජනාධිපති වරයා පහුගිය කාලයේ පිටරටවලින් කහ ගෙන්වීම නවත්වලා වගා කරන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

අපි ඒ ඉල්ලීමට මුදල් වියදම් කරලා පළවෙනි වතාවේ කහ වගා කළා ඇත්තටම හොඳ ආදායමක් අපිට ලැබුණා. හරි සතුටු වුණා මොකද පිටරට වල්ට අපේ සල්ලි යන එක නවත්ත ගන්න අපට පුළුවන් වුණා .ඒ විතරක් නෙමෙයි අපටත් හොඳ ආදායමක් ලැබුණා. ඒ නිසා තව දුරටත් බොහෝ ගොවීන් දේශීය කහ වගා කළා. අද සිද්ධ වෙලා තියෙන්නේ වගා කරපු ටික විකුණගන්න විදිහක් නැහැ. අඩුම තරමේ සොයල බලන්න වත් කෙනෙක් නැහැ. හැබැයි ඒ මිලට වත් මිලදී ගන්න කෙනෙක් නැහැ.

අපි රජයට යෝජනා කරන්නේ මේවා මිලදී ගන්න කියලා නෙමෙයි, හැබැයි රජයට වැඩපිළිවෙළක් සකසන්න පුළුවන් දේශීය කහ කුඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාර ආරම්භ කරන්න එවිට මේවට ඉල්ලුමක් ලැබෙයි.

අපි රට ගැන හිතලා කහ වලින් රට ස්වයං පෝෂිත කරන්න ඕන කියන ජාතික වගකීම කරට අරගෙන වැඩ කළේ .මගේ ළඟ තියෙන කහ සියයට හැත්තෑවක් ම කාබනික පොහොර දාලා හදපු කහ .මගේ කිසිම වගාවක් මම රසායනික පොහොර හදපුවා නෙවෙයි. සියයට හැත්තෑවක් සියලුම වගාව කාබනිකයි . ඒ නිසා අපි වගේ මහා පරිමාණ වගාකරුවන් ගේ අස්වැන්න මේ රටේ දුක් විඳින ජනතාවට අඩු මුදලට ලබා දෙන්න නව වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41
Video thumbnail
උතුරේ හෙල්මට් නැතුව බයික්වල ගිය තරුණයින් තිදෙනෙක් අත්අඩංගුවට ගත්තා..නීතිය හැමට සමානයි
02:19
Video thumbnail
හේමරතන හිමි තවත් මෙහෙම සිදුවීම් කරලද ? බලයෙන් යට ගිහින්ද ?..දැරිය මුදලටද ලබාගත්තේ ?
05:56
Video thumbnail
අටමස්ථානාධිපතිගේ සිද්ධිය නිසා පොලිස් මාධ්‍ය සාකච්ඡාව උණුසුම්..පොලිසියටත් උත්තර නැතිවෙයි?
08:08
Video thumbnail
අපරාධකරුවන් 21 ලංකාවට ගෙනාපු මෙහෙයුම පොලිසිය හෙළිකරයි..ඉරානයේ පවතින යුද්දයෙන් කොටු වෙන්නේ
02:47
Video thumbnail
මෙරටට ගෙනා සැකකරුවන් 21ට වෙන්න යන දේ මෙන්න - කිසිදු සැකකරුවෙක්ට යහතින් ඉන්න බෑ
08:09
Video thumbnail
නම්බුකාර විදියට ඉල්ලා අස්වෙන්න..පළවෙනිදා ආණ්ඩුවට වෙන්න යන දේ තිස්සකුට්ටි හෙළිකරයි
05:07