අනුරාධපුර රියදුරෙකු එලොව යවා මුදල් පැහැර ගෙන

කුලී ගමනක් යන මුවාවෙන්  ත්‍රිරෝද රථ රියදුරකු පාළු පෙදෙසක රැගෙන ගොස් කැපුම් තුවාල සිදු කර එම රියදුරා  මරා දමා ඔහු සතුව තිබූ මුදල් පැහැර ගත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා අද (20දා) විමර්ශන ආරම්භ කළ බව අනුරාධපුර පොලිසිය පවසයි.

අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අනුරාධපුර දේවානම්පියතිස්සපුර, නිරාවිය ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් හනීෆා රිස්වි නැමැති 56 හැවිරිදි තිදරු පියකු බව පොලීසිය කියයි.

අනුරාධපුර මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටින් දිවෙන බණ්ඩාරනායක මාවතේ, විලච්චිය බස් නැවතුම්පොළ අසල රථ ගාලේ සිටි මෙම ත්‍රීරෝද රථ රියදුරා අසලට පැමිණි පුද්ගලයෙකු  කටුකැලියාව ප්‍රදේශයට කුලී ගමනක් යාමට රථයට නැග ඇති  බව පොලීසිය කියයි.

ත්‍රිරෝද රථය කටුකැලියාව  මාර්ගයේ බුලන්කුලම වෑකන්ද අසලට ගමන් කරනවාත් සමග  සැකකරු රියදුරුගේ බෙල්ලට පිහියක් තබා රථය නතර කර රියදුරු සතුව ඇති මුදල් ඉල්ලා ඇති බවත්, මුදල් නොදීම හේතුවෙන් දෙදෙනා අතර  පොර බැදීම සිදුව සැකකරු විසින් රියදුරුගේ ශරීරයේ ස්ථාන හතරක කැපුම් තුවාල සිදුකර  මුදල් රැගෙන  පලා ගොස් ඇතැයි  පොලීසිය සඳහන් කළේය.

බරපතල කැපුම් තුවාල හේතුවෙන් දින තුනක් අනුරාධපුර ශික්ෂණ රෝහල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ  ත්‍රීරෝද රථ රියදුරා අද (20දා) උදෑසන  ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.

මරණකරු සතියක පමණ කාලයක් කුලී ගමන් වලින් ඉපයු මුදල් ඔහු සතුව තිබූ බවත් එම මුදල කීයද යන්න හරියටම නොදන්නා බවත් පැමිණිල්ලේ සදහන් වන බව පොලීසිය කියයි.

අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න  මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන සිදු කරති

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18