යාපනය – චාවාකච්චේරී ප්‍රදේශයේ දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ යුද හමුදා කෝප්‍රල්වරයෙකු දුම්රියක ගැටීමෙන් ඊයේ (19) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
යාපනයේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ගැටී මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල පදිංචි 37
හැවිරිදි ඩබ්ලිව්.එම්.එස්.සමන් කුමාර නමැති දෙදරු පියෙක්.
ඔහු චාවාකච්චේරී ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන ශ්‍රී ලංකා 7 වන විජයබාහු රෙජිමෙන්තුවට අනුයුක්තව සේවය කළ කෝප්‍රල්වරයෙකු බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.
