නීතීඥවරුන් සියලු දෙනා එකතු වෙලා මෙහි වීඩියෝ සාක්ෂි රැගෙන පැය 24 ක් හෝ 48 ක් ඇතුලත මෙම වෙඩි තැබූ පුද්ගලයන් නීතිය හමුවට ගෙන ආ හැකිනම් එය ජයග්‍රහණයක් බවයි ජනතාවගේ මතය වී තිබෙන්නේ.
වෙඩි තැබූ කෙනා සහ අණදුන් කෙනා නීතිය හමුවට ගෙන ඒමට නීතීඥවරුන් සියලු දෙනාම එකතුවී කරනු ඇති බවයි රඹුක්කන ප්‍රදේශයේ ජනතාවගේ මතය වී තිබෙන්නේ.
මිනිසුන්ව මේ හිංසනවලින් මුදවා ගන්න එවිට හැකිවනු ඇති බවයි වැඩිදුරටත් අදහස් දැක්වූවන් පවසන්නේ.
වැරදි කරන්න නිලධාරීන් තුල ඉන් බියක් ඇතිකළ හැකි බවද නීතිය ගැන මිනිසුන්ට දැඩි විශ්වාසයක් ඒ අනුව ගොඩනැගෙනු ඇති බවත් මේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූවන් පවසනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
61














