ශ්‍රී ලංකාව සුරපුරයක් කරන්න අද පත්වුණු ඇමතිවරු ඇත්තටම කළින් කළේ මොනවද..? මේ ඔවුන්ගේ අතීතය ගැනයි

අද දිනයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් සංශෝධනයක් සිදුකරනු ලැබුවා. එම අමාත්‍ය මණ්ඩල සංශෝධනයේ දී සිදුවූ වෙනස්කම් මොනවාද ? මිට පෙර එම ඇමතිවරුන් දරූ අමාත්‍ය ධුරයන් ගැන පහතින් දක්වා ඇත.

දිනේෂ් ගුණවර්ධන – මිට පෙර ඔහු අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ අතර නව කැබිනට් සංශෝධනයේ දී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

ඩග්ලස් දේවානන්ද – ධිවර අමාත්‍ය ධුරය (වෙනසක් වී නොමැත)

රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කළා. නව කැබිනට් සංශෝධනයේදී ඔහුට එම අමාත්‍යාංශයට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශය ද පවරා තිබෙනවා.

ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට නව කැබිනට් සංශෝධනය යටතේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය ද පවරා තිබෙනවා.

දිලුම් අමුණුගම – ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනයේ දී ඔහුට වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවරා ඇත.

කනක හේරත් – සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග, තේ කම්හල් නවීකරණය සහ තේ අපනයන ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍ය ධුරය දරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනයේ දී ඔහුට මහාමාර්ග අමාත්‍ය ධුරය පවරා ඇත.

විදුර වික්‍රමනායක – ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනයේදී ඔහුට කම්කරු අමාත්‍යාංශය පවරා ඇත.

ජානක වක්කුඹුර – උක්, බඩඉරිඟු, කජු, ගම්මිරිස්, කුරුඳු, කරාබුනැටි, බුලත් ආශ්‍රිත කර්මාන්ත ඇතුළු සුළු බෝග වැවිලි සංවර්ධනය සහ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනයේදී ඔහුට කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ධුරය පවරා ඇත.

ෂෙහාන් සේමසිංහ – සමෘද්ධි, ගෘහ ආර්ථිකය, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන සහ ඌන උපයෝගි කරගත් රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනයේ දී ඔහුට වෙළෙද අමාත්‍යාංශය සහ සමෘද්ධි සංවර්ධන අමාත්‍යාංශය පවරා ඇත.

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා – පොහොර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර ඔහුට නව කැබිනට් සංශෝධනයේ දී ජල සම්පාදන අමාත්‍යධුරය ලබාදී ඇත.

විමලවීර දිසානායක – වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනයේ දී ඔහුට වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය පවරා ඇත.

කාංචන විජේසේකර – විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර නව කැබිනට් සංශෝධනය යටතේ ඔහුට බලශක්ති අමාත්‍යාංශය සහ විදුලිබල අමාත්‍යාංශය පවරා ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08