නිවසක් තුළ දී අඹුසැමි යුවළකට අත් වූ අවාසනාවන්ත ඉරණම

ගොඩකවෙල ගිරාදුර, පල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් තුළ වැඩිහිටි යුවළක් කපා කොටා ඝාතනය කර තිබේ.

ඊයේ (12) අලුයම් කාලයේ දී එම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, මරණකරුවන් අවුරුදු 75 හා 82 වයස්වල පසුවන ගිරාදුර, පල්ලේබැද්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.

නිවස කොල්ලකැමට පැමිණි හොරුන් විසින් එම ඝාතනය සිදුකර පළාගොස් ඇති අතර සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

මෘත ශරීර සම්බන්ධයෙන් ඇඹිලිපිටිය මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර පශ්වාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීර ඇඹිලිපිටිය රෝහල වෙත යොමුකර තිබේ.

ගොඩකවෙල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?