ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

මේ දිනවල ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, වාර්මාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේය.

වර්ෂාපතනයේ යම් අඩුවීමක් අද දිනයේ වාර්තා වුවත් වැසි තත්ත්වය ඉදිරි පැය 48ක් දක්වා තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජලාශවලට ලැබෙමින් තිබෙන වර්ෂාව සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔයෙ හි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ.

කුඹුල්වානා ඔය ජලාශය උපරිම ධාරිතාවයට ළඟා වී ඇතැයි ද ඩී අබේසිරිවර්ධන මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් අඩි බැගින් විවෘත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ රඹකැන් ඔය ජලාශය වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නිච්චි ජලාශයේ වාන් දොරටු එකක් අඟල් 6 බැගින් විවෘත කළ බව ද ඩී අබේසිරිවර්ධන මහතා පැවසීය.

සමස්තයක් ලෙස දින දෙකක් තුළ ජලාශවල ජල මට්ටම සියයට 4කින් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, අද වනවිට ජල ධාරිතාව 70%ක් දක්වා වැඩිවී ඇතැයි ද කියා සිටියේය.

මේ අතර ජලාශ, ගංගා, ඇළ දොළ භාවිතයේ දී ජනතාවට වඩාත් සැලකිලිමත්වන ලෙස ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
ලාල් කාන්තලා බත් ද කන්නේ - ඇට පිටින් ගංජා ගහලා වගේ කතා කරන්නේ
05:43
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:16
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47