ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කෙරේ

මේ දිනවල ඇද හැලෙමින් පවතින අධික වර්ෂාව හේතුවෙන් මේ වනවිට ප්‍රධාන ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර ඇතැයි වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ, වාර්මාර්ග අධ්‍යක්ෂ, ජල කළමනාකරණ ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේය.

වර්ෂාපතනයේ යම් අඩුවීමක් අද දිනයේ වාර්තා වුවත් වැසි තත්ත්වය ඉදිරි පැය 48ක් දක්වා තවදුරටත් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ජලාශවලට ලැබෙමින් තිබෙන වර්ෂාව සමග කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරු ඔයෙ හි වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර තිබේ.

කුඹුල්වානා ඔය ජලාශය උපරිම ධාරිතාවයට ළඟා වී ඇතැයි ද ඩී අබේසිරිවර්ධන මහතා පැවසීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ රාජාංගනය ජලාශය වාන් දොරටු 4ක් අඩි දෙක බැගින් විවෘත කර ඇති අතර අංගමුව ජලාශය වාන් දොරටු දෙකක් අඩි බැගින් විවෘත කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ රඹකැන් ඔය ජලාශය වාන් දොරටු දෙකක් අඟල් 4 බැගින් විවෘත කර ඇත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ උන්නිච්චි ජලාශයේ වාන් දොරටු එකක් අඟල් 6 බැගින් විවෘත කළ බව ද ඩී අබේසිරිවර්ධන මහතා පැවසීය.

සමස්තයක් ලෙස දින දෙකක් තුළ ජලාශවල ජල මට්ටම සියයට 4කින් ඉහළ ගොස් ඇතැයි ද පැවසු ඒ මහතා, අද වනවිට ජල ධාරිතාව 70%ක් දක්වා වැඩිවී ඇතැයි ද කියා සිටියේය.

මේ අතර ජලාශ, ගංගා, ඇළ දොළ භාවිතයේ දී ජනතාවට වඩාත් සැලකිලිමත්වන ලෙස ද වාරි මාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28
Video thumbnail
ජෝශප් ස්ටාලින් ආණ්ඩුවට කඩේ යනවද..?තීරණ ගන්න බලපෑම් කරන්නේ අපි..ආණ්ඩුව තීරණ ගන්නේ..
11:34
Video thumbnail
"අනේ..පව්..යං පුතේ අලියා බය කරන්න"..බුත්තල - කතරගම මාර්ගයේ වන අලියෙකු වෑන් රථයකට ප#ර දෙන අයුරු
00:54


?