ඉන්ධන ගැටලුවට පිළියම් සොයන්න රජයෙන් අලුත් වැඩක්

ඉන්ධන පිරවුම්හලවල ඉන්ධන බෙදාහැරිම් කටයුතු අධීක්ෂණය කිරීම සඳහා සහය ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

පවතින විදේශ විනිමය අර්බුදය හමුවේ ආනයනය කරන සීමිත ඉන්ධන තොග මනා කළමනාකරණයකින් යුතුව හඳුනාගත් අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු සඳහා ලබාදී ඉතිරි ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධනහල් වෙත ලබාදීම බලශක්ති අමාත්‍යාංශයේ මැදිහත් වීම මත සිදුකරන බව සඳහන්ය.

එමෙන්ම ඉන්ධනහල්වලින් පාරිභෝගිකයින් වෙත ඉන්ධන බෙදාහැරීමේදී නොයෙකුත් අඩුපාඩු සහ අක්‍රමිකතා සිදුවන බවට වාර්තා වී ඇති බව බලශක්ති අමාත්‍යාංශය පෙන්වාදෙයි.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් හරහා ඉන්ධන බෙදාහැරීම ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බවට සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් මගින් අධීක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස බලශක්ති අමාත්‍යාංශය විසින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වෙත දැනුම් දී තිබේ.

ප්‍රාදේශීය කළමනාකරුවන් සහ ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග සාකච්ඡා කර ඊට අදාළ වැඩපිළිවෙලක් කිරීම සම්බන්ධයෙන් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශිය ලේකම්වරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය වැඩි දුරටත් මාධ්‍ය හමුවේ පැවසුවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43
Video thumbnail
අජිත් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - බෝල්ට් ඇණයි තක්කාලියි වගේ - කිසි සම්බන්ධයක් නෑ
12:29
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57