AFC Banner
Empty Ad
Empty Ad

ආහාර උද්ධමනය 30% ඉක්මවයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 මාර්තු මාසයේ වාර්ෂික පදනම මත උද්ධමන අගය 18.7% ක් ලෙසින් දක්වා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ඒ බව සඳහන් වෙයි.

නවතම වාර්තාව අනුව මෙරට ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් දැක්වෙයි.

2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ 25.7% ක් හා 10.1% ක් වශයෙනි.CCPI අගය 2022 පෙබරවාරි මාසයේ දී 160.1 ක් ලෙසින් සටහන්ව තිබූ අතර එය 2022 මාර්තු මාසයේ දී 164.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට නාගරික ප්‍රදේශයන්හි ජනතාව විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වෙනස්වීම් පිළිඳව අධ්‍යයනය කිරීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකසා ඇත.CCPI දර්ශකය සඳහා දත්තයන් ලබා ගැනීම සිඳු කරනුයේ කොළඹ පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 14ක් යොදා ගනිමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?