ආහාර උද්ධමනය 30% ඉක්මවයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 මාර්තු මාසයේ වාර්ෂික පදනම මත උද්ධමන අගය 18.7% ක් ලෙසින් දක්වා තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවේ ඒ බව සඳහන් වෙයි.

නවතම වාර්තාව අනුව මෙරට ආහාර උද්ධමනය 30.2% ක් ලෙසත්, ආහාර නොවන උද්ධමනය 13.4% ක් ලෙසත් දැක්වෙයි.

2022 පෙබරවාරි මාසයේ දී මෙම අගයයන් දැක්වුණේ 25.7% ක් හා 10.1% ක් වශයෙනි.CCPI අගය 2022 පෙබරවාරි මාසයේ දී 160.1 ක් ලෙසින් සටහන්ව තිබූ අතර එය 2022 මාර්තු මාසයේ දී 164.9 ක් දක්වා ඉහළ ගොස් ඇත.

කොළඹ දිස්ත්‍රික්කය හා ඒ අවට නාගරික ප්‍රදේශයන්හි ජනතාව විසින් මිල දී ගන්නා භාණ්ඩ හා සේවාවන්හි මිල ගණන් වෙනස්වීම් පිළිඳව අධ්‍යයනය කිරීම සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සකසා ඇත.CCPI දර්ශකය සඳහා දත්තයන් ලබා ගැනීම සිඳු කරනුයේ කොළඹ පිහිටි විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන 14ක් යොදා ගනිමිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57