විදුලි කප්පාදුව අතරේ දුරකථන ඇමතුමක් ගන්න ගිය සිසුවා දිවිගමනට සමුදෙයි

බෙරලපනාතර, පුහුල්හේනකන්ද ප‍්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවකු දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ නිවසේ කොන්ක‍්‍රීට් එකෙන් ඇද වැටී මියගොස් ඇති බව ඌරුබොක්ක පොලිසිය පවසනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ බෙරලපනාතර මහ විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සේනානායක උදාර පුන්සර පාසල් සිසුවාය.

පෙරේදා රාත‍්‍රි 7.45-8.00 අතර කාලයේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ පාසල් සිසුවා දුරකථන ඇමතුමක් ලබා ගැනීම සඳහා නිවසේ වහල වෙනුවට දමා ඇති කොන්ක‍්‍රීට් ස්ලැබ් එක මතට නැග ඇති අතර සිංග්නල් අඩුවීම නිසා පස්සෙන් පස්සට ගොස් ඇති අතර එම අවස්ථාවේ කොන්ක‍්‍රීට් එකෙන් බිමට ඇදවැටී ඇත.

කොන්ක‍්‍රීට් එකෙන් බිමට ඇද වැටී තුවාල ලබා සිටි පාසල් සිසුවා දෙනියාය මූලික රෝහලට රැුගෙන ගොස් ඇති අතර පසුව මාතර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් ඒ යන අතරතුර අසාධ්‍ය වීම හේතුවෙන් මොරවක කොස්නිල්ගොඩ දිස්ත‍්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කර සිටින්නේ.

මියගිය පාසල් සිසුවාට වැඩිමහල් සහෝදරියක සිටින පවුලේ බාල එකම පිරිමි දරුවාය. 2023 වර්ෂයේ අ.පො.ස.සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිට ඇත.

පුහුල්හේනකන්ද, ඉලූක්තැන්න ප‍්‍රදේශයට දුරකථන සිංග්නල් අඩු අතර විදුලිය විසන්ධි කළ පසු දුරකථන ඇමතුම් ලබා ගැනීමේදී සිංග්නල් අඩු මට්ටමක පැවැතීම හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්වේ. මෙම පාසල් සිසුවාටත් අවාසනාවන්ත ලෙස ජීවිතය අහිමි වූයේ රාත‍්‍රි කාලයට විදුලිය විසන්ධි කිරීමේ ප‍්‍රථිඵලයක් ලෙසටය.

මියගිය පාසල් සිසුවාගේ ස්ථානීය මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

(උපුටා ගැනීම :දිවයින පුවත්පත)

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙන්න ආණ්ඩුවේ කෙරුවාව එළිවෙයි ? මෙහෙම කළොත් හොරණ - කොළඹ පාර යටවෙනවා
18:12
Video thumbnail
අඩි 85ක උඩ සිට දිය රකුසගෙන් කටින් ජල පහරක් පිටවන විශ්මිත තොරණ
03:55
Video thumbnail
සිවුර බෑග් එකට දාලා පදම් වෙන්න බීපු හාමුදුරුවෝ
01:18
Video thumbnail
Mr. කොත්තු තමන්ගේ සේවකයන්ට ප#රදෙන වීඩියෝවක් එළියට
01:53
Video thumbnail
මේ ආණ්ඩුවට ගොවියට අසාධාරණයක් කරන්නේ නෑ..වෙනම කල්ලි රජය අපහසුතාවයට පත්කරන්න හදන්නේ
07:49
Video thumbnail
කාන්තාවෝ එකතුවෙලා ඉන්නේ ලද විගස ආණ්ඩුව ගෙදර යවන්න
01:54
Video thumbnail
මිහින්තලා පුදබිමට චීන ජාතික ධූත පිරිසක් පැමිණෙයි - මිහින්තලේ හිමි සමඟ පුදබිම වැද පුදාගත් අයුරු
02:28
Video thumbnail
මට පුළුවන් ඔය ජනපතිගේ කලිසම වාටිය ඔළුවෙන් ගලවන්න - දිලිත් ජනපතිට දුන්න සැර සත්තම
09:28
Video thumbnail
ඩෙංගු පරීක්ෂා කරන්න ගිය නිලධාරින්ටත් යකා නගියි - අනේ මං දන්නේ නෑ මොන භාෂාවෙන් කියන්නද කියලා..
14:56
Video thumbnail
උද්ඝෝෂණ කරන්නේ සැබෑ ගොයියෝ නෙවෙයි - රාජාංගනයේ ගොවියෝ ආණ්ඩුවට හොඳ කියයි
08:34