මට සමාවෙන්න , මේ පීඩනය තවත් දරාගන්න බෑ – සරසවි සිසුවෙක් සියදිවි හානි කර ගනී

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුවෙක් (29දා) විශ්වවිද්‍යාල නේවාසිකාගාරය තුළදී සියදිවි හානි කරගෙන ඇති බව පේරාදෙණිය පොලීසිය පවසනවා.

එසේ මියගොස් ඇත්තේ කුරුණෑගල මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි විසිපස් හැවිරිදි සිසුවෙක්.

මෙම දිනවල පැවැත්වෙන ඉංජිනේරු පීඨයේ සිව්වන වසරේ සිසුන් ගේ අවසන් විභාගය අතර තුර සිය දිවි හානි කර ගත් මෙම සිසුවා එම විභාගයේ අවසන් පත්‍ර පත්‍රයට හැර සෙසු ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියා ඇති බවද පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

අවසන් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට මෙම සිසුවා විභාග ශාලාවට නොපැමිණීම හේතුවෙන් ඔහුගේ මිතුරන් ඔහු ගැන සොයා බැලීමේදී ඔහුගේ ජංගම දුරකතනය ක්‍රියාවිරහිත කර තිබී ඇති අතර පසුව ඔහු සේනක බිබිලේ නේවාසිකාගාරයේ
ඔහුගේ කාමරය තුළ සිය දිවි හානි කරගෙන තිබුණා.

එය මුලින්ම දැක ඇත්තේ ඔහුගේ කාමරයේ සිටි මිතුරන් දෙදෙනායි

ඒ පිළිබඳව වැඩි දුරටත් සොයා බැලීමේදී ඔහුගේ කාමරයේ “”මේසය උඩ මට සමාවෙන්න මේ පීඩනය තවත් දරාගන්න බෑ . මගේ මරණයට කිසිවෙක් වග කිව යුතු නැහැ . “”යනුවෙන් සිසුවා විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබෙනවා.

image ddae8239ae 650x371 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !