බඩුමිල වැඩිවීම ,විදුලි කප්පාදුව, ගෑස් සහ ඉන්ධන නොමැති වීමට විරෝධය දක්වමින් අද පස්වරුවේ පිලියන්දල මංසන්දිය අසලදී ජනතාව නිහඬ විරෝධතාවක නිරත විය.
වැඩි වී ඇති ජීවන වියදම හේතුවෙන් පීඩාවට ලක්ව ඇති ව්‍යාපාරික ප්‍රජාව මෙම විරෝධතාවය සඳහා පිලියන්දල ඔරලෝසු කණුව අසලට පැමිණ ආණ්ඩුවට එරෙහිව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් ඉටිපන්දම් දල්වාලමින් පිරිස විරෝධතාවයේ නියැලුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.
උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස පවසා සිටියේ මෙම ආර්ථික අර්බුදයෙන් රට ගලවා ගැනීමට හැකි රජයක් වහාම පත්කර ගැනීමට ජනතාව එකාවන්ව කටයුතු කළ යුතු කාලය එළඹ ඇති බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
8




