වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට විරෝධය පාමින් කළුබෝවිල රෝහල් සහයක කාර්ය මණ්ඩලය විරෝධතාවයක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පසුගිය දා ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක කරන ලද ප්‍රකාශ කිහිපයකට විරෝධයපාමින් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝහල් සහයක කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති එක්ව විරෝධතාවයක් අද (26) රෝහල් පරිශ්‍රය ඉදිරිපිට පැවැත්විය.

රාජ්‍ය සේවකයන් රටට බරක් යැයි පවසමින් සෞඛ්‍ය සේවා පෞද්ගලීකරණය කළ යුතු බවටත් රජයේ රෝහල්වලට රෝහල් සහයක කාර්ය මණ්ඩලයක් අවශ්‍ය නොවන බවටත් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අදාළ පෞද්ගලික නාලිකාවේ වැඩසටහනකට සහභාගි වෙමින් ප්‍රකාශ කර සිටි බවත් එලෙස කරන ලද ප්‍රකාශයන් ඉතා බරපතල ප්‍රකාශයන් වීම හේතුවෙන් එම ප්‍රකාශයන් ඉල්ලා අස් කරගත යුතු බවට ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමි විරෝධතාවයට සහභාගී වෙමින් මාධ්‍යයට පවසා සිටියහ.

එසේ නොකලහොත් ලබන සදුදා සිට රෝහලේ සියලු වෘත්තීය සමිති අඛණ්ඩව වෘත්තිය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවසීය.

ජායාරූප

රෝහල් සහයක කාර්ය මණ්ඩලයට සම්බන්ධ වෘත්තිය සමිති එක්ව විරෝධතාවය දැක්වු ආකාරය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18