වැටුප ප්රමාද වූයේ යැයි වැඩ පරික්ෂකගේ දෙඅත් බිල්ඩ් තලයකින් කැපූ කළුබෝවිල රෝහලේ පවිත්රතාකරුවකු රුපියල් ලක්ෂ දෙකක පුද්ගලික ඇප මත මුදා හැර්මට ගල්කිස්ස මහේස්ත්රාත් උදේෂ් රණතුංග මහතා ( 13 ) වන දින නියෝග කළේය .
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ පෞද්ගලික පවිත්රතා ආයතනයේ පවිත්රතාකරුවකු තම මාසික වැටුප ප්රමාද වීමට හේතු විමසා එම අංශයේ වැඩ පරීක්ෂකවරියක් සමග රෝහල් පරිශ්රය තුළ දී ඇති වූ බහින් බස් වීම නතර කරන ලෙසට පැවසූ වැඩ පරික්ෂකවරයා පවිත්රතාකරු තම මුඛයෙහි සඟවාගෙන සිටි බ්ලේඩ් තලයෙන් කපා ඇතැයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් කොහුවල පොලීසිය පැවසීය . බ්ලේඩ් තල පහරින් බරපතළ ලෙස තුවාල ලද වැඩ පරීක්ෂකවරයා දැනට කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්රතිකාර ලබන බව පොලිසිය අධිකරණය හමුවේ පැවසීය . අගෝස්තු මස 18 වන දින නැවත මෙම නඩුව කැඳවීමට නියමිතය .













