පෝලිමක සිටි පුද්ගලයෙක් බිම ඇදවැටී මරුට

අද (19) දිනයේත් ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට නිකුත් කළ බව ලිට්‍රෝ සමාගම පැවසීය. කෙසේවෙතත් ගෑස් ප්‍රමාණවත් පරිදි නොලැබීමෙන් අදත් දිවයිනේ විවිධ ස්ථානවල පෝලිම් දක්නට ලැබුණු අතර ඇතැම් ස්ථානවල මාර්ග අවහිර කරමින් විරෝධතා ද පැවැත්වුණි. මේ අතර ගෑස් නොමැතිවීමෙන් භූමිතෙල් මිලදී ගැනීම සඳහා මහනුවර වත්තේගම ප්‍රදේශයේ පෝලිමක රැඳී සිටි පුද්ගලයෙකු බිම ඇදවැටී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වී තිබුණි. 

ඇල්ලේපොළ ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමේ රැඳී සිටි අදාළ පුද්ගලයා එලෙස ඇදවැටී මිය ගියේය. මෙලෙස මියගොස් ඇත්තේ වත්තේගම උඩුතලවින්න ප්‍රදේශයේ පදිංචි සිටි මොහොමඩ් ඉල්ලියාස් නමැති 71හැවිරිදි අයෙකි. අදාළ පුද්ගලයා පැය හතරකට අධික කාලයක් භූමිතෙල් පෝලිමේ රැඳී සිට ඇති අතර ඔහු ඇදහැළුණු වර්ෂාවට හසුව සිහිසුන්ව ඇදවැටී මියගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !