ටික් ටෝක් සාදයට ගිය බාලවයස්කාර දැරියන් පොලිසිය භාරයට

ටික් ටොක් සාදයකට යමින් සිටි බාලවයස්කාර දැරියන් දෙදෙනෙකු ඇතුළු හය දෙනෙකු පිටබැද්දර ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ දෙනියාය, වැලිගම සහ මිරිස්ස ප්‍රදේශවල පදිංචි අවුරුදු 14,17,සහ 20 වයස්වල පසුවන්නන් බව පොලීසිය පැවසුවේ.

පසුගියදා රථවාහන පරික්ෂා කිරීමේ යෙදී සිටි පොලිස් නිළධාරීන් විසින් මෙම පිරිස ගමන් ගත් ත්‍රිරෝද රථය පරීක්ෂාවකට ලක්කර ඇත.

එහිදී රථය තුළ සිටි බාලයවස්කාරියන් පිළිබඳව සැකසිතුනු පොලිස් නිලධාරීන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ මෙම පිරිස වැලිගම ප්‍රදේශයේ පැවත්වීමට නියමිත ටික් ටොක් සාදයකට සහභාගී වීමට යමින් සිටින බවයි.

ඒ අනුව අදාළ බාලවයස්කාර දැරියන්ගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා නිවසින් පැමිණ ඇති බවයි.

එම දැරියන් මිත්තණිය භාරයේ පසුවන අතර ඔවුන්ට අධ්‍යාපන කටයුතු සඳහා ලබාදී තිබූ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ඇතිකරගත් සම්බන්ධතාවයකට අනුව මෙලෙස ටික් ටොක් සාදයක් සඳහා ගමන්කරමින් සිට ඇති බව හෙළිවී තිබේ.

බාලවයස්කාර දැරියන් දෙදෙනා සහ සෙසු සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා දෙනියාය පොලිසිය වෙත භාරදීමෙන් අනතුරුව අදාළ දැරියන් වෛද්‍ය පරීක්ෂණයකට යොමුකර තිබේ. සෙසු සැකකරුවන් මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට යොමු කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයතා ගණුදෙනුව විතරක් කෝටි 60ක් ? ලාල්කාන්ත ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
08:44
Video thumbnail
ලාල්කාන්ත වගේ සිටුවරු ආණ්ඩුවේ ගොඩක් ඉන්නවා..ජයශාන්ත අයියගෙන් ජීවත් වෙනවා කිව්ව එක බොරුවක්
01:58
Video thumbnail
ඇමති අස් වුණේ ජනපතිව බේරගන්න..මුජිබුර්ගෙන් සැර ප්‍රකාශයක්
04:09
Video thumbnail
ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ දුම්‍ රිය ගමන්වාර ක්‍රියාත්මකවන අයුරු
03:10
Video thumbnail
නන්දන ගුණතිලක හිටියනම් අද තමයි ජීවිතයෙන් සමු ගන්නේ.."අයියගේ වියෝව අපිට සැක සහිතයි" නැගණිය කියයි
06:39
Video thumbnail
ශ්‍රී ලංකා කාන්තා හොකී කණ්ඩායම හෙට ඉන්දුනීසියාවට..මාසයකට ආසන්නව ටීම් එකක් විදියට Practice කළා
01:47
Video thumbnail
S.F. රාජු විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට
00:33
Video thumbnail
"S.F. රාජු" විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන් තොටුපොළට ගෙන එයි
00:56
Video thumbnail
විශේෂ මාධ්‍ය හමුව
01:03:26
Video thumbnail
මෛත්‍රිපාල සිරිසේන ළඟ දණින් වැටුණු පොලිසිය
01:29