කොළඹට නොපැමිණ ළඟම පාසැලට යන්න සිසුන්ට හා ගුරුවරුන්ට අවස්ථාවක්

පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, සියළු සාමාන්‍ය පෙල දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තමන් අධ්‍යාපනය ලබන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසැලට ඇතුලත් වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. 

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ එලෙස ළඟම පාසැලෙන් අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් වේ නම් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දීමට සූදානම් බවයි. ගුරුවරුන්ට ද පළාත් අතර ගමනාගමනයෙන් තොරව ළඟම ඇති පාසැලට ගොස් දරුවන්ට ඉගැන්වීමට අවසර ලබා දීමට තීරණය කල බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල් විවෘත කිරීමට ගත් තීරණය ඉතා අසීරු එකක් වූ බවයි. එබැවින් එහි සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියළු දෙනාගේ සහය අවශ්‍ය බවද මෙහිදී අවධාරණ කෙරුණා. 

පාසැල් ළමුන් ප්‍රවාහනයේදී මෙවර ද වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා. ප්‍රවාහන මාධ්‍යයේදී ඇතිවිය හැකි අවධානම අවම කර ගැනීම සඳහා ගත හැකි අපූරු විසඳුමක් ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මෙලෙස විස්තර කලා.

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසැල් ඊයේ සිට යළි විවෘත කෙරුණා ඒ, මාස 03 කටත් අධික කාලයකට පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක් එහිදී විවෘත වූ අතර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වූ සිසු දරු දැරියන් සංඛ්‍යාව 73,319 ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28