‘දෙසැම්බර් 30ට කලින් ආරක්ෂාවට දුන් ගිනිඅවි යළි දෙන්න’ – ආරක්ෂක අමාත්‍යාංශය

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින් හා දේශපාලන සංවිධානවලට මෙන්ම, රජයේ විධායක තනතුරු දැරූ නිලධාරීන් වෙත විවිධ කාලවකවානුවලදී නිකුත් කළ ගිනිඅවි නැවත භාරදෙන ලෙස කළ දැනුම්දීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද (12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශය විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා සිටින්නේ පසුගිය කාලවකවානුවලදී පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභා මන්ත්‍රී වරුන්ට, විවිධ දේශපාලන පක්‍ෂ නායකයින්ට, දේශපාලන සංවිධානවලට මෙන්ම, විවිධ තනතුරු දැරූ රජයේ විධායක නිලධාරීන්ට ජීවිත ආරක්‍ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියෙන් හා යුද්ධ හමුදාවෙන් නිකුත්කර තිබු පිස්තෝල, රිවෝල්වර් හා පතුරොම් තුවක්කු සැලකිය යුතු ප්‍රමාණයක් ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයට වාර්තා වී ඇති බවයි.

එබැවින් මෙම ගිනිඅවි දෙසැම්බර් මස 30 වන දිනට පෙර ආසන්නයේ ම තිබෙන පොලිසිය වෙත භාරදීමට කටයුතු කරන මෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය අදාළ පුද්ගලයින්ගෙන් ඉල්ලා සිටිනවා.

මෙම නිකුත්කර ඇති ගිනිඅවි ලබා දුන් පුද්ගලයින්ගේ නාම ලේඛනයක් ද ශ්‍රී ලංකා පොලිසිය සතු වන අතර, ශ්‍රී ලංකා පොලිසිය විසින් එම නාම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින්ගේ තොරතුරු විමසා ගිනිඅවි පොලිසිය භාරයට ගැනීමට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් විසින් කටයුතු කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.

එබැවින්, නීතිය හා සාමය ආරක්‍ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් කරනු ලබන විමසිම් සඳහා සහයෝගය ලබාදීමට කටයුතු කරන ලෙසත්, දැනටමත් එම ලේඛනයේ නම් සඳහන් පුද්ගලයින් ගිනිඅවි රජයට භාර දී ඇත්නම් ඒ බව ද, සනාථ කරන ලේඛන පොලිස් නිලධාරීන්ට ලබාදීමෙන් මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීමට සහයෝගය ලබාදෙන ලෙස ආරක්‍ෂක අමාත්‍යාංශය ඉල්ලා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06
Video thumbnail
සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද බුදියගෙන - වහල මත සූර්ය පැනල ගහන එකේ දොර වහන්න හදන්නේ
04:25
Video thumbnail
මෙරායා දමිළ මහා විද්‍යාලය ජල ගඟින් යටවෙයි - පංති කාමරත් වතුරෙන් වැහිලා
02:25
Video thumbnail
විපක්ෂ නායක හමුවෙන්න ආ ප්‍රංශ තානාපතිවරයා - සූර්ය බලශක්ති ගැටලු ගැනත් කතාවෙයි
10:56
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03