අලුත්ගම උත්සව ශාලාවක 12කට කොරෝනා

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද(25) සදහන් කළහ.

මෙම උත්සව ශාලාවේ (24) වන දින 150දෙනෙකු සහභාගී වූ විවාහ මංගල්‍යක් පැවති බවත් , එම උත්සවය පවත්වන අතර තුර සේවක පිරිස් එම උත්සව ශාලාවේ උඩු මහළට රැගෙන ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබේ.

මෙම උත්සව ශාලාව පරිශ්‍රයේම සිදු කෙරෙන නව ඉදි කිරීම් ගොඩනැගිල්ලක කම්කරුවන් පිරිසක් ද එම අවස්ථාවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණද එම කම්කරුවන් කිසිවෙකුත් කොවිඩ් 19 ආසාදනය වී නොමැත.

ආසාදිත පුද්ගලයන් අතර උත්සව ශාලාවේ කළමනාකරු හා ප්‍රධාන සූපවේදියා ඇතුළු සේවකයින් 12 දෙනෙකු රැපිඩ් පරීක්ෂාවෙන් හදුනාගැනීමට හැකි වූ අතර සෙසු සේවකයින් නිරෝධායනයට යොමු කර තිබෙන බව කියයි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මේ පිළිබදව අද(25) අදහස් දක්වමින් සදහන් කළේ මෙම උතසව ශාලාවේ විවාහ මංගල්‍යට පැමිණි පිරිස මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් බැවින් ඒ පිළිබදව එම කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ආසාදිත සේවක පිරිස හමුවූ අලුත්ගම ප්‍රදේශයේ උත්සව ශාලාව සෞඛ්‍ය උපදෙස් මත වසා දැමීමට කටයුතු කරන්නැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ බවත්ය.

(24) දින පහළ මහළේ පැවති විවාහ මංගල්‍යට 150ක පමණ පිරිසක් පැමිණ සිට ඇතැයි නිලධාරීන් අනාවරණය කරයි.

කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා ඇතුළු පිරිසක් මෙම සේවක පිරිස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට යොමුකර තිබෙන අතර අද(25) ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?