අලුත්ගම උත්සව ශාලාවක 12කට කොරෝනා

අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ උත්සව ශාලාවක සේවකයින් 35දෙනෙකු වෙනුවෙන් සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් පුද්ගලයන් 12 දෙනෙකු එම ස්ථානයේදීම කොවිඩ් 19 ආසාදිත බව තහවුරු වී ඇතැයි අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිර යාම වැළක්වීමේ ඒකකයේ නිලධාරීන් සහ සෞඛ්‍ය අංශ අද(25) සදහන් කළහ.

මෙම උත්සව ශාලාවේ (24) වන දින 150දෙනෙකු සහභාගී වූ විවාහ මංගල්‍යක් පැවති බවත් , එම උත්සවය පවත්වන අතර තුර සේවක පිරිස් එම උත්සව ශාලාවේ උඩු මහළට රැගෙන ගොස් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණය සිදු කර තිබේ.

මෙම උත්සව ශාලාව පරිශ්‍රයේම සිදු කෙරෙන නව ඉදි කිරීම් ගොඩනැගිල්ලක කම්කරුවන් පිරිසක් ද එම අවස්ථාවේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණද එම කම්කරුවන් කිසිවෙකුත් කොවිඩ් 19 ආසාදනය වී නොමැත.

ආසාදිත පුද්ගලයන් අතර උත්සව ශාලාවේ කළමනාකරු හා ප්‍රධාන සූපවේදියා ඇතුළු සේවකයින් 12 දෙනෙකු රැපිඩ් පරීක්ෂාවෙන් හදුනාගැනීමට හැකි වූ අතර සෙසු සේවකයින් නිරෝධායනයට යොමු කර තිබෙන බව කියයි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය තමර කළුබෝවිල මහතා මේ පිළිබදව අද(25) අදහස් දක්වමින් සදහන් කළේ මෙම උතසව ශාලාවේ විවාහ මංගල්‍යට පැමිණි පිරිස මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයට අයත් බැවින් ඒ පිළිබදව එම කාර්යාලයට දැනුම් දෙන ලෙසත් ආසාදිත සේවක පිරිස හමුවූ අලුත්ගම ප්‍රදේශයේ උත්සව ශාලාව සෞඛ්‍ය උපදෙස් මත වසා දැමීමට කටයුතු කරන්නැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළ බවත්ය.

(24) දින පහළ මහළේ පැවති විවාහ මංගල්‍යට 150ක පමණ පිරිසක් පැමිණ සිට ඇතැයි නිලධාරීන් අනාවරණය කරයි.

කළුතර ජාතික සෞඛ්‍ය වෛද්‍යායතනයේ ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජේ සිංහබාහු මහතා ඇතුළු පිරිසක් මෙම සේවක පිරිස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට යොමුකර තිබෙන අතර අද(25) ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28
Video thumbnail
ඥානසාර හාමුදුරුවන්ට ජනාධිපති සමාව ලබාදෙන්න
05:21
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ කියන්නේ අපේ පක්ෂයේ සාමාජිකාවක් නෙවෙයි - පොහොට්ටුව කට අරියි
10:39
Video thumbnail
සිවුර අස්සේ හැංගිලා හිටපු අය දැන් හාමුදුරුවන්ගේ සිවුර ගලවනවා
06:44
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37