Wednesday, December 4, 2024
Empty Ad
AFC Banner

විල්පත්තු යලිත් හිටවන්න කෝටි 121 ක් රීෂාඩ් බදියුදීන් ගෙවිය යුතුයි – ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කරයි

විල්පත්තු පාරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය හේතුවෙන් නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව යොමු කිරීමට පරිසර යුක්ති කේන්ද්‍රය මුල්වුණා . ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව 2020 නොවැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණය ලබාදෙන්නේ, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවට තීන්දු කරමිනි.

එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට ය.

ඒ අනුව වන විනාශයේ අලාභය සෙවීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර එම කමිටු නිර්දේශ නීතිපතිවරයා වෙත සහ රීෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොල් වෙනුවට පිටි කළ පොල් කන්න කිව්වට සජබයට තදවෙයි
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
00:00
Video thumbnail
අපි ඇත්ත කියලා පැරදුනා - එයාලා බොරු කියලා දින්නා
03:56
Video thumbnail
ඇමති වසන්ත එකවරම නැඟිටලා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
11:38
Video thumbnail
අනුර කුමාර රුව නිර්මාණය කර ගිනස් වාර්තාවක් පිහිට වූ දරුවා
01:43
Video thumbnail
ඉස්සෙල්ලාම රු.15000 දීලා ඉන්නකෝ - දැන්නම් වැඩ බැරි ආණ්ඩුවක්ද කියලත් හිතෙනවා
04:45
Video thumbnail
මලිමාවේ කාන්තා හඬ පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:03
Video thumbnail
සජබේ මහ ලේකම් මාලිමාව පාර්ලිමේන්තුවේ හාන්සි කරවයි
16:50
Video thumbnail
🔴 LIVE | පාර්ලිමේන්තු සජීවී විකාශය 2024- 12 - 04
03:01:19
Video thumbnail
පිල්ලෙයාන් ගැන තොරතුරු අපි ලඟ තියෙනවා - අපෙන් ඉල්ලන්න - පාස්කු ප්‍රහාරයේ තොරතුරුත් අපි ළඟ තියෙනවා
03:25

?