විල්පත්තු යලිත් හිටවන්න කෝටි 121 ක් රීෂාඩ් බදියුදීන් ගෙවිය යුතුයි – ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කරයි

විල්පත්තු පාරිවාර රක්ෂිතයේ සිදුකළ වන විනාශය හේතුවෙන් නැවත වන වගාවක් සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් රුපියල් මිලියන දහසකට වැඩි මුදලක් ගෙවියයුතු බවට වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලෙන ත්‍රිපුද්ගල කමිටුව නිර්දේශ කර තිබේ.

ඒ සම්බන්ධයෙන් වන නිර්දේශයන් නීතිපතිවරයා සහ රිෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර ඇති බව වාර්තා වේ.

මෙම නඩුව යොමු කිරීමට පරිසර යුක්ති කේන්ද්‍රය මුල්වුණා . ඒ අනුව වසර 5 කට ආසන්න කාලයක් විභාග කෙරුණු මෙම නඩුවේ තීන්දුව 2020 නොවැම්බර් 16 වැනිදා අභියාචනාධිකරණය ලබාදෙන්නේ, විල්පත්තු රක්ෂිතය ආසන්නයේ පිහිටි කල්ලාරු රක්ෂිත වනාන්තර එළිකොට අනවසර ජනාවාස ඉදිකිරීම නීතිවිරෝධී බවට තීන්දු කරමිනි.

එම නියෝගයේ වැඩිදුරටත් සඳහන් වූයේ එළිපෙහෙළි කළ වනාන්තර කලාපයේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ පෞද්ගලික වියදමින් වන වගාව සිදුකිරීමට පියවර ගන්නා ලෙසට ය.

ඒ අනුව වන විනාශයේ අලාභය සෙවීම සඳහා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය විසින් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කළ අතර එම කමිටු නිර්දේශ නීතිපතිවරයා වෙත සහ රීෂාඩ් බදියුදීන් මහතා වෙත යොමුකර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09