තෙල් මිල ගැන අනතුරු ඇඟවීමක්

රුසියානු තෙල් ආනයනය සඳහා බටහිර රටවල් සීමා පැනවුවහොත් තෙල් මිල බැරලයකට ඩොලර් 300 දක්වා වැඩි විය හැකි බවට රුසියාව අනතුරු අඟවනවා.

රුසියාවේ සිට ජර්මනියට ඇති ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දැමීමට ඉක්මන් විය හැකි බවට ද රුසියානු ඉහළ නිලධාරියෙකු අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

රුසියාවේ රාජ්‍ය රූපවාහිනියකට ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් පැවසුවේ “රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරීම ගෝලීය වෙලඳපොල සඳහා ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලට තුඩු දෙනු ඇති බව සම්පූර්ණයෙන්ම පැහැදිලිය” යනුවෙනුයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !