බත් පාර්සල් කිහිපයකින් පණුවන් – ප්‍රමාණවත් පහසුකම් නොලැබෙන බවට නිරෝධායනය වන පිරිසකගෙන් චෝදනා

කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලේ කාර්ය මණ්ඩලයේ 06 දෙනෙකුට සහ පවිත්‍රතා අංශයේ 06 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී තිබෙනවා.

ඒ, රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින්.

අදාළ ආසාදිතයින් 06 දෙනා අතරට හෙදියන් දෙදෙනෙක් සහ සෞඛ්‍ය කාර්ය සහකයින් සිව් දෙනෙකු අයත්.

ඊට අමතරව රෝහල් පවිත්‍රතා අංශයේ සේවය කළ පෞද්ගලික ආයතනයකට අනුබද්ධ සේවිකාවන් 06 දෙනෙකුටද වෛරසය ආසාදිත බව හඳුනා ගැණුනා.

මේ හේතුවෙන් පවිත්‍රතා අංශයේ ඉතිරි සේවකයින් සියළු දෙනා ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මේ අතර, මඳුරන්කුලිය ප්‍රදේශයේ පිහිටි සෙල්ලම් බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවෙන් තවත් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙකු අද වාර්තා වුණා.

ඒ අනුව එම කර්මාන්ත ශාලාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 101 ක්.

වාර්තා වූ ආසාදිතයින් පිරිස පුත්තලම, වනාතවිල්ලු‍ව, මුන්දලම, ආණමඩුව සහ කල්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මෙම සිද්ධියත් සමඟ පවුල් 300ක පුද්ගලයින් 600 දෙනෙකු පමණ ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා.

හෝමාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පවත්වන ලද විවාහ මංගල උත්සව දෙකක මනමාල යුවළ දෙකකට ද, කොරෝනා වෛරසය ආසාදිත බව හඳුනාගෙන ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සඳහන් කළා.

මේ අතර, බගවන්තලාව – මෝරාවත්තේ පිහිටි ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ රන්ජන් විජේරත්න ප්‍රාදේශීය පුහුණු මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටින පිරිස තමන්ට ප්‍රමාණවත් පහසුකම් නොලැබෙන බවට චෝදනා කරනවා.

අදාළ නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 136ක්.

ඒ අතර, දරුවන් දෙදෙනෙකු ද වනවා.

විරෝධය පළ කළ පිරිස සඳහන් කළේ අද පෙරවරුවේ උදෑසන ආහාරය සඳහා ලබාදුන් බත් පාර්සල් කිහිපයකින් පණුවන් හමුවූ බවයි.

මෙම ගැටළුව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එම නිරෝධායන මධ්‍යස්ථානය භාර වෛද්‍යවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණියා.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව සිදුකිරීමට නියමිත එන්නත්කරණ වැඩපිලිවෙලට සමගාමීව ප්‍රතිශක්තිකරණ පානයක් ලබාදීම සඳහා යෝජනා කර තිබෙන ජාතික වැඩපිලිවෙලද ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රජයේ ආයූර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වී සිටි අමාත්‍ය වාසුදේව නානායක්කාර සුවය ලබා සිය නිවසට පැමිණ තිබෙනවා.

අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු සඳහන් කළේ වෛරසය ආසාදනය වී කොග්ගල ප්‍රදේශයේ හෝටලයක නේවාසිකව ප්‍රතිකාර ලැබූ අමාත්‍යවරයා අද (24) දහවල් කොළඹ පිහිටි සිය නිවෙස වෙත පැමිණි බවයි.

එමෙන්ම, සෞඛ්‍ය නිර්දේශ යටතේ අමාත්‍යවරයා නිවස තුළ තවත් සතියක පමණ කාලයක් ස්වයං නිරෝධායනය වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, ස්වයං නිරෝධායනයට යොමු වී සිටි රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵලවලට අනුව ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.

කොරෝනා වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙනුයි ඔහු මෙලෙස ස්වයං නිරෝධායනයට යොමු වුණේ.

මේ අතර, අද දිනයේදී තවත් ආසාදිතයින් 423 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 49,684 ක් දක්වා ඉහළ ගියා.

එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 349 දෙනෙකු අද දිනයේදී මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 57,936 ක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12