AFC Banner
Empty Ad
Empty Ad

පොකුරුවලට කිසිම සම්බන්ධයක් නැති රෝගීන් දැන් වාර්තා වෙනවා -සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කරයි

හඳුනාගත හැකි පොකුරක් හා සම්බන්ධ කළ නොහැකි කොරෝනා රෝගීන් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශයට ප්‍රතික්ෂේප කළ නොහැකි යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

මේ වන විට රට තුළ කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත්, අගුළු දැමීමේ රෙගුලාසි ලිහිල් කිරීම මෙයට හේතුව විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

“රෝගීන් වැඩි වන විට, පවතින පොකුරු සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති අවස්ථා තිබිය හැකියි,”යනුවෙන් වෛද්‍ය හේරත් පැවසීය.

ශ්‍රී ලංකාව ප්‍රජා සම්ප්‍රේෂණ මට්ටමට ළඟා වී ඇත්නම්, රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින දෙගුණයක් හෝ වැඩි විය යුතුබව කී වෛද්‍ය හේරත් මහතා මෙම තත්ත්වය අතහැර දමා නොමැති බවත්, මෙම තත්ත්වය පිළිබඳව අමාත්‍යාංශය දැඩි අවධානයෙන් සිටින බවත් කීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?