බස් රථ අනතුරින් දිවිගමන නිමාකල පිය පුතු දෙපල

වවුනියාව, පුවරසන්කුලම, කුරුක්කල්පුදුකුලම ප්‍රදේශයේදී අද (06) උදෑසන සිදුවු රිය අනතුරකින් කුඩා දරුවෙක් හා පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මන්නාරම සිට වවුනියාව දෙසට ගමන්ගත් බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් එම අනතුර සිදුව ඇත.

එම අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් පියා සහ පුතු ජීවිතක්ෂයට පත්විය.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් වවුනියාව කුරුක්කල්පුදුකුලම පදිංචි ශ්‍රීධරන් ඩිනෝකාන්ත් නමැති 14 හැවිරිදි දරුවෙකු හා පි. ශ්‍රීධරන් නමැති 54 ඔහුගේ පියා ජීවිතක්ෂයට පත්ව ඇති බවද පොලීසිය පැවසූහ.

අනතුර සිදුවීමෙන් පසුව ප්‍රදේශවාසීන් විසින් අනතුර සිදුකළ බස් රථයට පහරදී ඇති අතර, අදාළ පහරදීමෙන් බස් රථයේ වීදුරු කඩා දමා ඇති බවද පොලීසිය සඳහන් කරයි.

මියගිය අයගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් වවුනියාව රෝහල් මෘත ශරීරාගාරයට යොමුකොට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?