රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් හෙට (07) සිට යළි ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස 7 වන දින සිට පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගෙන තිබුණි.
ඒ අනුව සඳුදා දිනයේ සිට පාසල් පවත්වාගෙන යාමේදී සිසුන් සංඛ්‍යාව මත කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වීමේ තීරණය විදුහල්පතිවරුන් වෙත පැවරෙන බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේය.
පන්ති කාමරයක ළමුන් 20 ට අඩු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ හැකියාව පවතින අතර 20 ට වැඩි පන්ති කාමර සහිත පාසල්වලට කාණ්ඩ වශයෙන් ළමුන් ගෙන්වා ගැනීමට පියවර ගත යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
එමෙන්ම පන්ති කාමරවල සිසුන් 40ට වැඩි සංඛාවක් සිටීනම් ඔවුන් කාණ්ඩ 03කට වෙන්කර පන්ති පැවැත්විය යුතු බවට නියම කර තිබේ.




