ගුරුවරිය අනතුරට ලක් කළ මෝටර් රථයේ පිරිසට ගම්වැසියන් ගෙන් සංග්‍රහයක් : ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය නළුවෙකුත් ඒ අතර

ප‍්‍රසිද්ධ ටෙලිනාට්‍ය නළුවකු ඇතුළු සාදයකට සහභාගී වී එමින් සිටි සිව්දෙනකු ගමන්ගත් සුඛෝපභෝගී මෝටර් රථයක ඊයේ (04) පස්වරුවේ යතුරුපැදියක් ගැටී සිදුවූ රිය අනතුරකින් ජාත්‍යන්තර පාසලක ඉංග‍්‍රීසි ගුරුවරියක බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය පවසනවා.

කළුතර උතුර, දෙදියවල ප‍්‍රදේශයේ පදිංචි ප‍්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක ඉංග‍්‍රීසි ගුරුවරියක මෙසේ තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කළේ.

ප‍්‍රසිද්ධ නළුවා තවත් මිතුරන් තිදෙනෙකු සමග සාදයකට සහභාගි වී මෝටර් රථයෙන් කළුතර දෙස සිට වාද්දුව දෙසට එමින් සිටියදී, මාර්ගයේ දකුණු පසට හැරවීමට සංඥා දල්වමින් තිබූ යතුරුපැදියක පිටුපස ගැටී එහි සිටි ගුරුවරිය මීටර් දහයක් පමණ ඈතට විසිවන අයුරු අසල තිබූ සීසීටීවී කැමරාවක පටිගත වී තිබෙනවා.

ප‍්‍රදේශවාසීන් එක්ව මහා මාර්ගයේ ඇදවැටී විලාප නගමින් සිටි ගුරුවරිය ත‍්‍රීරෝද රථයක නංවා නාගොඩ රෝහලට යොමු කර ඇත. ඇය ඊයේම ශල්‍යකර්මයක් සඳහා යොමු කිරීමට නියමිතව තිබුණා.

මෝටර් රියේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු මත්පැන් පානය කර ඇති බවට සිදුකළ පරීක්ෂණයේදී තහවුරු වී ඇතැයි පොලිසිය කියා සිටියේ.

බීමත්ව සිටි පිරිස සමග ප‍්‍රදේශවාසීන් උණුසුම් වචන හුවමාරුවක් සිදුව පසුව එය පසුව ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ සඳහන් කර සිටියේ.

ගුටි කෙළිය අතරතුර උණුසුම් වචන පාවිච්චි කළ ප‍්‍රවීණ රංගන ශිල්පියා දැඩි ප‍්‍රහාරයකට ලක්ව ඇතැයි වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
106
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57