දරුවන්ට කන්න දීමට මුදල් නැති ව තාත්තා තම ජිවිතයට කරගත් විපත

ආර්ථික දුෂ්කරතාවයන් පවතින බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා.

වැලිපැන්න – හොලින්බෝන් ජනපදයේ පදිංචි 37 හැවිරිදි සිව් දරු පියෙකු මෙලෙස මිය ගොස් තිබේ

එහිදී ඔහුගේ මෘත ශරීරය නිවසට ආසන්නයේ රබර් වත්තක තිබී සොයාගෙන ඇත්තේ බිරිඳ විසින් සිය සැමියා අතුරුදන් වී බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම, දින 3කට ආසන්න කාලයක සිට නිවසෙහි දරුවන්ට ආහාරයට ගැනීමට යමක් නො තිබූ බව මරණ පරීක්ෂණයේ දී බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් ආහාර සොයා ගැනීම සඳහා කුලී වැඩක් කොට මුදල් සොයා ගන්නා බවට පවසමින් සිය සැමියා නිවසින් පිටත් ව ගිය බවයි බිරිඳ මරණ පරීක්ෂණයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව තමන් නිවසෙහි තිබූ භාණ්ඩ කිහිපයක් විකුණා දරුවන්ට කෑමට ආහාර ගෙනත් දුන් බවත් සැමියා සිය දිවි හානි කර ගන්නට ඇත්තේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට නො හැකි වීම නිසා බවත් බිරිද ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23