දරුවන්ට කන්න දීමට මුදල් නැති ව තාත්තා තම ජිවිතයට කරගත් විපත

ආර්ථික දුෂ්කරතාවයන් පවතින බවට පවසමින් වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා.

වැලිපැන්න – හොලින්බෝන් ජනපදයේ පදිංචි 37 හැවිරිදි සිව් දරු පියෙකු මෙලෙස මිය ගොස් තිබේ

එහිදී ඔහුගේ මෘත ශරීරය නිවසට ආසන්නයේ රබර් වත්තක තිබී සොයාගෙන ඇත්තේ බිරිඳ විසින් සිය සැමියා අතුරුදන් වී බවට පොලීසියට කළ දැනුම්දීමකට අනුවයි.

එමෙන්ම, දින 3කට ආසන්න කාලයක සිට නිවසෙහි දරුවන්ට ආහාරයට ගැනීමට යමක් නො තිබූ බව මරණ පරීක්ෂණයේ දී බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා.

එබැවින් ආහාර සොයා ගැනීම සඳහා කුලී වැඩක් කොට මුදල් සොයා ගන්නා බවට පවසමින් සිය සැමියා නිවසින් පිටත් ව ගිය බවයි බිරිඳ මරණ පරීක්ෂණයේ දී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, පසුව තමන් නිවසෙහි තිබූ භාණ්ඩ කිහිපයක් විකුණා දරුවන්ට කෑමට ආහාර ගෙනත් දුන් බවත් සැමියා සිය දිවි හානි කර ගන්නට ඇත්තේ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට නො හැකි වීම නිසා බවත් බිරිද ප්‍රකාශ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?