කුමාර් ධර්මසේන වල්ලපට්ට ශාකයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ජයගනී

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රමුඛ පෙළේ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මහතා විසින් මෙරටට විශාල විදේශ විනිමයක් රැගෙන ආ හැකි නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වාදී තිබේ. 

ලංකාවේ නම ක්‍රිකට්වලින් ජාත්‍යන්තරයට අරන් ගිය ඔහු මේ වෙනවිට එම නිෂ්පාදනයන් “සිලානි” නමින් ජාත්‍යන්තරයට රැගෙන ගොස් ඇත.

පින්තැන්න ප්ලාන්ටේෂන් කර්මාන්ත ශාලාවේ හිමිකරු වන කුමාර් ධර්මසේන මහතා ඒ පිළිබඳ මෙලෙස අදහස් දැක්වීය.

“ශ්‍රී ලාංකිකයෙක් හැටියට මං ඉතාම ආඩම්බරයි අපේ ලංකාවේ ඒකදේශික ශාකයක් වන වල්ලපට්ට ශාකයෙන් ජාත්‍යන්තර වෙළෙඳපොළ ට අපේම නිෂ්පාදන වන සිලානි නාමයෙන් යෑම ගැන මට ලොකු ආඩම්බරයක් තියෙනවා.”

2008 වසරේ දී ඉන්දියාවේ සිටින මිතුරෙකුගේ මාර්ගයෙන් වල්ලපට්ටා ශාකයේ පළමු බීජය තමාට හමුවූ බව ද කුමාර් ධර්මසේන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

පසුව ලංකාවේ පර්යේෂණ කර එම වගාව වැඩිදියුණු කළ බව ද ඔහු පැවසීය.

“දැනට අපි ගාව ගස් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. වැඩ කොටසක් තියෙනවා ශාකයට කරන්න පුළුවන්. පළමු අවුරුද්දේ කොහොම ද? තුනේ ඊට පස්සේ හතරේ දී කොහොම ද කරන්නේ. අපි මේකට පින්තැන්නේ හදාගත් ක්ෂුද්‍ර ජීවියෙක් ඇතුළු කරනවා. ඒ තුළින් ශාකය ඇතුළේ අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබාගන්නේ.”

අද වනවිට මෙම සිලානි නිෂ්පාදනය හා සාපේක්ෂව අතුරු නිෂ්පාදන රැසක් ද වෙළෙඳපොළට නිකුත් කර තිබේ.

සිලානි නිෂ්පාදන සඳහා මේ වනවිට අරාබිය ඇතුළු රටවල් කිහිපයක විශාල ඉල්ලුමක් පවතී.

සිලානි නිෂ්පාදන අතර, තෙල් වර්ග හා හඳුන්කූරු ප්‍රමුඛස්ථානයක් ගනී.

සිලානි නිෂ්පාදනවලින් වසරකට ඩොලර් මිලියනයක විදෙස් විනිමය ලංකාවට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත්, මාස 6ක් වැනි කාලයක් තුළ දී ඩොලර් 750,000ක මුදලක් ලංකාවට රැගෙන විත් ඇති බවත් කුමාර් ධර්මසේන මහතා පැවසීය.

“මගේ නාමයෙන් උනන්දුවා කියන නාමයෙන් ජාත්‍යන්තරයට සුවඳ විලවුම් ගේන්න බලාපොරොත්තු වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
90
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18