මතුගමදී නිවසකට ඇතුළු වී කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 15 වනදා අදාළ නිවසට ඇතුළු වු නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මතුගම බාලිකා පාර ප්‍රදේශයේ දි නිවසකට ඇතුළු වී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව ඊයේ රාත්‍රී නුගේගොඩ ප්‍රදේශයේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බවය.
39 හැවිරිදි වියේ පසුවන සැකකාරිය මතුගම ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරිනියකි.
මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් ආධාර අනුබල ලබාදීම, කුමන්ත්‍රණය කිරිම යන චෝදනා යටතේ මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් අපරාධ විමර්ශන කොට්ඨාසය සහ මතුගම පොලිසිය විසින් සිදුකරන බවය.



