ඩීසල් ප්‍රශ්නයට උත්තර දෙන එඬරු ඇට

ඉන්ධන අර්බුදය මේ දිනවල හැමෝම කතාබහ වෙන මාතෘකාවක් බවට පත්ව තිබේ.

එම ගැටලුවට විකල්ප විසඳුමක් ඉදිරිපත් කිරීමට අනුරාධපුරයේ වෛද්‍යවරයෙකුට හැකිවී ඇත.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතා කලක සිට ජෛව ඉන්ධන සම්බන්ධයෙන් පර්යේෂණ කරන අයෙකි.

දේශීයව සපයාගත හැකි තෙල් එඬරු සහ වැට එඬරු බීජ මඟින් ජෛව ඩීසල් නිෂ්පාදනය සාර්ථකව සිදුකළ හැකි බවට ඔහු සිය පර්යේෂණ මඟින් මේ වනවිට තහවුරු කර තිබේ.

එඬරු බීජයේ බරින් 50% – 60% අතර ප්‍රමාණයක් තෙල් පැවතීම ජෛව ඩීසල් නිෂ්පාදනයට ප්‍රධාන සාධකය වී තිබේ.

මේ පිළිබඳ අදහස් දැක්වූ වෛද්‍ය දුලාන් සමරවීර මහතා,

“දැන් BIO ඩීසල් හැදෙනකොට මිශ්‍රණයෙන් ග්ලිසරින් යටට බැහැලා ඒක යට තැන්පත් වෙනවා. උඩට මතුවෙනවා BIO ඩීසල්. පස්සේ ඒක ටික ටික පැහැදිලි වෙනවා. BIO ඩීසල් එක උඩ වෙන්වෙලා තියෙන්නේ.”

මෙම නිෂ්පාදනයේ සාර්ථකත්වය ඔහු සනාථ කරන්නේ ට්‍රැක්ටර් රථයක් ජෛව ඩීසල් ආධාරයෙන් ක්‍රියාත්මක කරමිනි.

“විශේෂයෙන්ම දැනට තියෙන ඩීසල් හිඟතාවය ඇතුළු ඒ ප්‍රශ්න නිසා ජෛව කාබනික ඩීසල් කියන මේ ඉන්ධනය මම නිෂ්පාදනය කළා. එම පරීක්ෂණවලින් 2007 වර්ෂයේ දී පෙන්වලා දුන්නා ලංකාවේ තියෙනවා වැට එඬෙරු සහ තෙල් එඬෙරු කියලා ශාක වර්ග දෙකක්. අපේ දුම්රිය මාර්ග දෙපස මේ ශාක වැවුවොත් ඒවායේ ඵලවලින් ගන්න තෙල්වලින් අපිට සම්පූර්ණ දුම්රිය ධාවනය කරන්න පුළුවන්. මේ ජෛව කාබනික ඩීසල්වලින්. සාමාන්‍ය ඩීසල් සමග සංසන්දනය කරාම පිටවන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය 30%කින් ද කාබන් මොනොක්සයිඩ් ප්‍රමාණය 20%කින් ද අඩු වෙනවා. ඒ වගේම කාබන් අංශු නිකුත් වීම 20%කින් අඩුවෙනවා. පරිසර හානිය බොහෝ විට අඩුවෙනවා මේ ජෛව කාබනික ඩීසල් භාවිතයෙන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැසිල් බැ#හැපන් පුළුවන්නම්..බැහැපු ගමන් අත්අඩංගුවට..නාමල් ඔයාගේ බාප්පා ගෙනත් දෙන්න
01:11
Video thumbnail
ගෝඨට වෙච්ච දේ වෙයි කියලා හිතනවනම් ඒවා හීන..අපේ ආණ්ඩුවට ඒක ලොවෙත් වෙන්නේ නෑ
07:22
Video thumbnail
බදුල්ල - මහියංගණය මාර්ගයේ උඩුයටිකුරු වුණ ලොරි රථය.."එක පාරම සද්දයක් ආවා - පස්සෙන් පස්සට ගියා"
01:41
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන නාමල් කට අරියි..දැන් නීතියට යටින් ඉන්නේ ජනපතිද ?
01:29
Video thumbnail
ඩීසල් ලීටරය රු. 150කින් වැඩිවෙනවා ? ජනතාවට අබ සරණයි..මරික්කාර්ගෙන් ප්‍රබල ප්‍රකාශයක්
06:02
Video thumbnail
ටිල්වින්ට තියෙන බලය මොකක්ද තීරණ ගන්න..කියනවා පළාත් සභා මැතිවරණයක් නෑ කියලා
02:29
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18