දැනට ක්‍රියාත්මක සෞඛ්‍ය වර්ජනය නතර කරන්නේ ද නැද්ද යන තීන්දුව අද ගන්නා බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේ දී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ඇතුළු බලධාරීන් සමග සාකච්ඡා පැවැත්වූ අතර, එහි දී සුබවාදී පිළිතුරක් ලබා දී තිබුණා.
කෙසේ වෙතත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ, අතිකාල දීමනා සහ ඇමතුම් දීමනා සම්බන්ධයෙන් වන ප්‍රධාන ඉල්ලීමට නිශ්චිත විසදුමක් ලබා දීමට ඊයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයාට නොහැකි වූ බවයි.
එහෙත් ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ඒ පිළිබද සාකච්ඡා කර නිශ්චිත තීරණයක් අද ලබා දෙනු ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය ප්‍රකාශ කළේ.
පසුගිය 7 වැනි දා පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයේ 9 වැනි දිනය අදයි.
අද පෙරවරුවේ දී ඒ පිළිබද අවසන් තීන්දුව ගන්නා බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ කැදවුම්කරු රවී කුමුදේශ් ප්‍රකාශ කළේ.













