වෙන්නප්පුව සමූපකාර සමිතියේ 40කට කොරෝනා

වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතියේ ප්‍රධාන කාර්යාලයේ සේවකයින් 40 දෙනෙකුට කොව්ඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට ඊයේ (21) රාත්‍රියේදී තහවුරු වී ඇතැයි වෙන්නප්පුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

ප්‍රධාන කාර්යාලයේ සේවකයින් ‍දෙදෙනකුට කොවිඩ් -19 ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමෙන් අනතුරුව තවත් සේවකයින් 78 කුට සිදුකරන ලද පී.සී.ආර් පරීක්ෂණවල ප්‍රතිපල අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇත.

මෙම ආසාදිතයින් වෙන්නප්පුව, ලුණුවිල, ගාලවත්ත, වයික්කාල, නයිනමඩම මිරිස්සන්කොටුව දන්කොටුව හා මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන් අතර කාන්තා ආසාදිතයින් 15ක් මේ අතර සිටින බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කියති.

ආසාදිතයින් ඊයේ (21) රාත්‍රි බිංගිරිය හා දඹදෙණිය කොව්ඩි -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර ඇති අතර ආසාදිතයින්ගේ පවුල්වල සාමාජිකයින් 500 කට වැඩි පිරිසක් නිරෝධානයට ලක් කල බව වෙන්නප්පුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එච්.එච්.එස්.ලුසේනා මහතා පැවැසිය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12