ශෂීන්ද්‍රගේ නඩුවට මතු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප වෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවට අදාළව විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධාතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය අද නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ චෝදනා මත නඩුකරය ඉදිරියට පවත්වාගෙන යන බවත් විනිසුරු වරයා නියෝග කළා.

ඉන් අනතුරුව අදාළ චෝදනා වලට තමන් නිවැරදිකරුවන් බව විත්තිකරුවන් අධිකරණයට දැනුම් දුන්නා.

ඉන් අනතුරුව අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් සුභාෂිනි සිරිවර්ධන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩු විභාගය ආරම්භ කිරීමට පෙර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 199 වගන්තිය යටතේ ආරම්භක දේශනය ඉදිරිපත් කිරිම සඳහා අවසන් දෙන ලෙස ඉල්ලා සිටියා.

ඉන් අනතුරුව අධිකරණයේ අවසරය මත සිය දේශනය ඉදිරිපත් කළ සුභාෂිනි සිරිවර්ධන මහත්මිය ” ස්වාමීනි… මෙම නඩුකරයට පාදක වන්නේ 2022 වසරේ අරගලකරුවන් විසින් දේපළකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ වන්දි ගෙවීමේ සිද්ධිය පිළිබඳවයි. මෙවැනි වන්දි ගෙවීම සිදු කිරීම සඳහා නිෂ්චිත යාන්ත්‍රණයක් තිබෙනවා. ඒ වගේම අදාළ වන්දි ගෙවීම සිදු කරන ව්‍යවස්ථාපිත ආයතනයක් තිබෙනවා. 2017 අංක 34 දරණ හානි පූර්ණ කාර්යාල පනත යටතේ හානි පූර්ණ කාර්යාලය පිහිටුවා තිබෙනවා. එම ආයතනය විසින් වන්දි ගෙවීමේදී සිදුවූ දූෂණයක් සම්බන්ධයෙන් තමයි මෙම නඩුව ඉදිරිපත් කර තිබෙන්නේ” යනුවෙන් සඳහන් කළා.

ඉන්පසුව නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමටද අධිකරණය නියම කළා

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, හානි පූර්ණ කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ සේපාලිකා සමන් කුමාරි සහ මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල්වරයකු වන කීර්ති බණ්ඩාර කොටගම යන අය නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදු කර රුපියල් 8850000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා ගොනු කර තිබූණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06