සියලු කොටස් මිල දර්ශකය තැබූ වාර්තාව

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට “සියලු කොටස් මිල දර්ශකය” (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වී තිබේ. 

මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා කර තිබුණ ද, දිනයක ගනුදෙනු අවසානයේදී එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80 ක වර්ධනයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25 ක් ලෙසින් වාර්තා විය.

මෙය පෙර දිනයට සාපේක්ෂව 3.13% ක වර්ධනයකි.

දිනය තුළ රුපියල් බිලියන 14.20ක පිරිවැටුමක් වාර්තා වූ අතර එය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුම වේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44