spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සියලු කොටස් මිල දර්ශකය තැබූ වාර්තාව

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට “සියලු කොටස් මිල දර්ශකය” (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වී තිබේ. 

මීට පෙර අවස්ථා කිහිපයක දී ගනුදෙනු අතරවාරයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ “සියලු කොටස් මිල දර්ශකය” ඒකක 8,000 සීමාව ඉක්මවා වාර්තා කර තිබුණ ද, දිනයක ගනුදෙනු අවසානයේදී එය ඒකක 8,000 සීමාව ඉක්මවා සටහන් වූ පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී පෙර දිනයට සාපේක්ෂව ඒකක 246.80 ක වර්ධනයක් සනිටුහන් කරමින් සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,131.25 ක් ලෙසින් වාර්තා විය.

මෙය පෙර දිනයට සාපේක්ෂව 3.13% ක වර්ධනයකි.

දිනය තුළ රුපියල් බිලියන 14.20ක පිරිවැටුමක් වාර්තා වූ අතර එය මෙම වසරේ තනි දිනක් තුළ වාර්තා වූ වැඩිම දෛනික පිරිවැටුම වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?