AFC Banner
Empty Ad
Empty Ad

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පිළේ ප්‍රධාන පුහුණුකරු ඉල්ලා අස්වෙයි

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ඉල්ලා අස්වී තිබෙනවා. ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සමග ඊයේ පැවති සාකච්ඡාවකින් පසු ඔහු අද දිනයේ එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ජස්ටින් ලැන්ගර් එම තීරණය ගෙන ඇත්තේ ඔහුගේ කොන්ත්‍රාත් කාලය කෙටි කාලයක් දීර්ඝ කිරීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය තීරණය කර තිබියදීයි. 

2018 වසරේ මැයි මාසයේදී ජස්ටින් ලැන්ගර් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාර ගත් අතර ඔහු යටතේ ඕස්ට්‍රේලියානු පිළ සුවිශේෂි ජයග්‍රහණ රැසක් අත් කර ගත්තා. 

අවසන් වරට පැවති විස්සයි විස්ස ලෝක කුසලානය මෙන්ම පසුගිය අළුබඳුන තරගාවලිය හතරට බින්දුවක් ලෙස ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය ගැනීම ඒ අතරින් කැපී පෙනෙනවා. 

ජස්ටින් ලැන්ගර්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලියේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස ඇන්ඩෲ මැක්ඩොනල්ඩ් පත්කර ඇති බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?