AFC Banner
Empty Ad
Empty Ad

අරුන්දික ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමක සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමැණ ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ පුද්ගලික කාර්‍යමන්ඩල රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් රාගම පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති අතර එසේ පැමිණි සෙසු වාහනය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසේ නමුත් මේ සම්බන්ධව අරුන්දික ප්‍රනාන්දු මහතාගේ සම්බන්ධයක් ඇතැයි සැකයක් මතුව තිබෙනවා.එතුමා පවසා සිටින්නේ මේ සම්බන්ධයෙන් තමා වැරදිකරුවෙකු බව ඔප්පු කලහොත් තමා සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස් වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම පවසා සිටියේ දිගින් දිගටම පහරකෑමකට ලක් වූ වෛද්‍ය ශිෂ්‍යාවක් බේරා ගැනීම සම්බන්ධයෙන් අදාල පාර්ශව විශ්ව විද්‍යාල පරිශ්‍රයට ඇතුල් වූ බවයි.

පිටස්තර කණඩායම රැගෙන ආ සිසුවා මීගමුව දිස්ත්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර ඇත.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාති පරීක්ෂණයක් සිදුකරන ලෙසට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර විසින් පොලිස්පතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?